සීෂෙල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි ජාත්‍යන්තර සුහද පාපන්දු තරගය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තා.
ඒ, ගෝල 2ට 0ක් ලෙසයි.
සීෂෙල්ස්හි වික්ටෝරියාහිදී පැවැති තරගයේ පළමු අර්ධයේදී ගෝල 1ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවැනි ගෝලය රැස් කළේ තරගයේ 84 වැනි මිනිත්තුවේදීයි.
දෙරට අතර පැවති පළමු තරගය ගෝල 3ට 0ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.