ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රී නැවතත් මෙරටට !!

September 12, 2024 - Sudarsha Warnakulasooriya

  • Football
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම 09/11 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 09/05 දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර 09/10 දින පවත්වා තිබුණි .

එහිදී මෙම දෙරට 2 – 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4 – 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා කර ගෙන තිබුණි .

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 09/11 දින රාත්‍රී 11.10 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා අති විශාල පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ