ආසියානු සහය දිවීමේ තරගාවලියේ මීටර 400×4 පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි..!!

May 21, 2024 - Sudarsha Warnakulasooriya

  • Athletics
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ආසියානු සහය දිවීමේ තරගාවලියේ මීටර 400×4 පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගාවලියේදී ශ්‍රී ලංකාව එක රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගත්තා.

තරගාවලිය පැවැත්වු‍ණේ තායිලන්තයේ බැංකොක්හිදී. ආසියානු සහය දිවීමේ තරගාවලියක් සංවිධාන කෙරුණු පළමු අවස්ථාවද මෙයයි.

මීටර 400 පිරිමි සහය ධාවන ඉසව්වේදී අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, දිනුක දේශාන් සහ කාලංග කුමාරගේ ශ්‍රී ලංකාව නියෝජනය කළා.

තරගය ආරම්භයේ සිටම ඉන්දියාව සමග කරට කර තරගයක නිරතවූ ශ්‍රී ලංකා කණ්ඩායම් රන් පදක්කමක් කරා රැගෙන යමින් අවසන් වටය ධාවනයේ යෙදුණේ, කාලිංග කුරගේ.

ඔහුගේ විශිෂ්ඨ ධාවනයත් සමග ශ්‍රී ලංකාව මෙහි රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වුණා.

අධික වර්ෂාව මධ්‍යයේ වුවද මිනිත්තු 3 තත්පර 4.48 ක කාලයකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් කිරීම විශේෂත්වයක්. මෙහි රිදී පදක්කම ඉන්දියාවට හිමි වුණා.

තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පද්කකම හිමි කර ගත්තේ, 400 මිශ්‍ර සහය ධාවන ඉසව්වෙන්.