ඇෆ්ගනිස්තානය T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 වටයට සුදුසුකම් ලබයි..!!

June 14, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ඇෆ්ගනිස්තානය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 වටයට අද සුදුසුකම් ලැබුවා.

ඇෆ්ගනිස්තානය සහ පැපුවා නිව්ගිනියාව අතර තරගය අද පැවැත්වුණේ, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ‍ටොබෑගෝ හිදි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පැපුවා නිව්ගිනියාව, පන්දු වාර 19 යි, පන්දු 5 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 95 ක් රැස්කළා. කිප්ලින් ඩොරිගා ලකුණු 27 යි.

පන්දු යැවීමේදී ෆසාල් හක් ෆාරුකි කඩුලු 3 ක් බිඳහෙලුවා. පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානය තරගය ජයගත්තේ පන්දු වාර 15 යි, පන්දුවකදී කඩුලු 3 ක් දැවී ලකුණු 101 ක් රැස්කරමින්.

ගුල්බඩීන් නයිබ් නොදැවී ලකුණු 49 යි.

එම ජයග්‍රහණයත් සමග ඇෆ්ගනිස්තානයට සුපිරි කණ්ඩායම් 8 වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වූ අතර නවසීලන්තයට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.

ඕමානය සහ එංගලන්තය අතර තරගය පැවැත්වුණේ, ඇන්ටිගුවා හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕමානයට, පන්දු වාර 13 යි, පනදු 2 කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවුණේ ලකුණු 47 ක් පමණයි. කණ්ඩායම වෙනුවෙන් ලකුණු 10 සීමාව පසුකළේ ශොයිබ් ඛාන් පමණක් වන අතර, ඔහු ලකුණු 11 ක් රැස්කළා. පන්දු යැවීමේදී ආදිල් රෂීඩ් කඩුලු 4 යි. ජොෆ්රා ආචර් සහ මාක්වුඩ් කඩුලු තුන බැගින් දවාගත්තා.

එංගලන්තය තරගය ජයගත්තේ පන්දුවාර 3 යි පන්දුවකදී කඩුලු 2 ක් දැවී ලකුණු 50 ක් රැස්කරමින්.