එංගලන්ත සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම පුහුණු තරගයෙන් ජයගනී..!!

June 26, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

එංගලන්තයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම තමන් මුහුණ දුන් පුහුණු තරගයෙන් ජය වාර්තා කලා.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් ආරාධිත කණ්ඩායම පන්දුවාර 48 යි පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 281 ක් රැස් කලා.

බී ඩ්‍රැකිංග්ස් ලකුණු 98යි.

පන්දු යැවීමේදී ප්‍රවීන් මනීශ ලකුණු 48 ට කඩුලු 4 යි.

දුමින්ද සෙව්මින කඩුලු 3 යි.

පිලිතුරු ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගය ජය ගත්තේ පන්දුවාර 46 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 282 ක් රැස් කරමින්.

පුලිදු පෙරේරා ලකුණු 107යි.

දිනුර කලුපහණ ලකුණු 51 ක් රැස් කලා.