ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සිය සමුගැනීම සටහන් කරයි..!!

June 25, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඔස්ට්‍රේලියාව ඉවත්වීමත් සමඟ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සිය සමුගැනීම සටහන් කර තිබෙනවා.

37 හැවිරිදි මෙම ප්‍රවේගකාරී වමත් ආරම්භක පිතිකරුවා වසර 132 කට පසු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ අත්දැකීම් නොමැතිව ඕනෑම ආකෘතියකින් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමට තේරී පත් වූ පළමු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා වේ.

‍මෙම වසර මුලදී එක්දින හා ටෙස්ට් පිටියට සමු දුන් ඩේවිඩ් ඇන්ඩෘ වෝනර් ටෙස්ට් තරග 112ක් එක්දින තරග 161ක් සහ T20 තරග 110ක් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

2015 සහ 2023 වසර වල එක්දින ලෝක කුසලානය හිමි කර ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසත් 2021 වසරේ සිය පළමු T20 කිරුළ දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසත් ඕස්ට්‍රේලියාව නියෝජනය කළ විශ්වාසනීය ආරම්භක පිතිකරුවකු ලෙස වෝනර් ප්‍රකට වුනා.

පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගත තත්වය නිසා බිඳ වැටී තිබූ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට නව ජීවයක් එක් කරමින් 2022 වසරේ ජූනි – ජූලි මාස වලදී මෙරට සංචාරය කළ ඕස්ටේලියානු කණ්ඩායම නියෝජනය කළ ඩේවිඩ් වෝනර්ගේ නිහතමානී ක්‍රීඩා විලාශය මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුනා.