ඕස්ට්‍රේලියාවට එරෙහිව T20 තරගයකදී ලද පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්වෙයි..!!

June 23, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ඕස්ට්‍රේලියාවට එරෙහිව 2020 තරගයකදී ලද පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය අද සමත් වුනා. ඒ කිංග්ස්ටවුන් පිටියේ පැවති මෙවර ලෝක කුසලාන T20 තරගාවලියේ 48 වන තරගයෙන් ලකුණු 21ක ජයක් හිමි කර ගනිමින්.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනූව පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා.

ගුර්බාස් ලකුණු 60 ක්, ඊබ්‍රහිම් සද්‍රාන් ලකුණු 51ක් ලබා ගත්තා.

මෙම තරගාවලියේ ඔහුගේ දෙවැනි කඩුලු ත්‍රිත්ව දවා ගැනීම මෙය වන අතර පසුගියදා (21) බංග්ලාදේශය සමග පැවති තරගයේ දී ද ඔහු කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තා.

ලකුණු 149 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාවට පන්දු වාර 19.2 කදී සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 127ක් පමණයි. ගලේන් මැක්ස්වෙල් ලකුණු 59ක් රැස් කළා.

තරගයේ වීරයා ගුල්බදින් නයිබ් (4/20)