කාන්තා 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබයි..!!

May 6, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

කාන්තා 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.

ඒ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ජය ගනිමින්.

කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර.

ඉන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා

අබුඩාබිහිදී පැවැති අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 149ක් රැස් කලා.

පිලිතුරු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩිකාවන් පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කලේ ලකුණු 134 ක් පමණයි.

ඒ අනුව අවසන් පූර්ව තරගය ලකුණු 15 කින් ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සමග තරග වැදීමට නියමිතයි.

එම තරගය හෙට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකම මේ වසරේ බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත්තා.