කාන්තා T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තෙවන ජයත් සමග ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට..!!

May 1, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තමන් සහභාගී වූ තුන්වන තරගයත් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත් වුණා.

උගන්ඩාවට එරෙහිව අද ලැබූ ජයත් සමග ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 154 ක් රැස් කලා.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 73 යි.

පිලිතුරු ලෙස උගන්ඩා කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 2 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කලේ ලකුණු 87ක් පමණයි.

ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ලකුණු 67කින්.

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් කණ්ඩායම් දෙකක් ලෝක කුසලානයට සුදුසුකම් ලබනවා.