ලෝක ක්‍රිකට් වංශ කතාව උඩු යටිකුරු කරමින් ඇෆ්ගනිස්තානය මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබයි..!!

June 25, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ලෝක ක්‍රිකට් වංශ කතාව උඩු යටිකුරු කරමින් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට අද සමත් වුනා.

ඒ සුපිරි 8 වටයේ අවසන් තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව බංග්ලාදේශය ලකුණු 8කින් පරාජය කරමින්.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානයට පන්දු වාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 115/5 ක් පමණයි. ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කල ගුර්බාස් පන්දු 55 කදී ලකුණු 43ක් ලබා ගත්තා. රිෂාඩ් හොසේන් කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දු වාර 17.5 කදී සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 105 ක් පමණයි.

නවීන් උල් හක් සහ නායක රෂීඩ් බංගලි සිහින බොඳ කරමින් කඩුලු 4 බැගින් දවා ගත්තා.

ඒ අනුව තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ ඇෆ්ගනිස්තානය ඉතිහාසයේ එම දස්කම දැක්වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.