ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කරයි..!!

May 9, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කලා.

වනිදු හසරංග නායකත්වය දරන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ජුනි මස 01 වැනිදා සිට 29 දක්වා තරගාවලිය අමෙරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙනවා.

නම් කළ කණ්ඩායමේ උප නායකයා චරිත් අසලංක.

කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජෙලෝ මැතිව්ස්, දසුන්ක ශානක, ධනංජය ද සිල්වා, මහීශ් තීක්ශණ, දුනිත් වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංක කණ්ඩායමට ඇතුළත්.

කණ්ඩායම සමග සංචාරය කරන අතිරේක ක්‍රීඩකයින් වන්නේ අසිත ප්‍රනාන්දු, විජේකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ.