ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ නේපාලය සමග තරගයෙන් දකුණු අප්‍රිකාවට එක් ලකුණක තියුණු ජයක්..!!

June 15, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියේ නේපාලය සමග අද පැවති තරගය එක් ලකුණකින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

තරගය පැවැත්වුණේ, සෙන්වින්සන්ට්හිදී. පළමුවෙන් පන්දුවර පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 කට ලකුණු 115 ක් රැස් කළා. රීසා හේන්ඩ්රික්ස් ලකුණු 43 යි. පන්දු යැවීමේ දී කුෂාල් බර්ටල් ලකුණු 19 කට කඩුලු 4 යි.

පිළිතුරු ලෙස‍ නේපාලය පන්දුවාර 20 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 114 ක් රැස් කළා. ආසීෆ් ශෙයික් ලකුණු 42 යි.

පන්දු යැවීමේ දී ටබ්රේස් ශම්ෂි කඩුලු 4 ක් බිඳ ‍හෙලුවා. නේපාලයට, ටෙස්ට් වරම් හිමිකරගත් රටක් පරාජයට පත් කිරීමේ අවස්ථාව අහිමිව ගියේ එක් ලකුණකින්.