ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට..!!

June 14, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවන බව ඊයේ නිල වශයෙන්ම ප්‍රකාශ කෙරුණා.

ඒ ඩී කාණ්ඩය යටතේ නෙදර්ලන්තය සමග පැවැති තරගය බංග්ලාදේශය ජය ගැනීමත් සමගයි.

සෙන්ට් වින්සර්ට්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 159ක් රැස් කලා.

පිලිතුරු ලෙස නෙදර්ලන්තයට පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 134 ක් පමණයි.

ඒ අනුව තරගයෙන් බංග්ලාදේශය ජය ගත්තේ ලකුණු 25 කින්.

එම ජයග්‍රහණයත් සමග බංග්ලාදේශය ලකුණු 4 ක් ලබා ගෙන ඩී කාණ්ඩයේ ලකුණු සටයනේ දෙවැනි ස්තානයට පැමිණියා.

ඒ සමගම ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන්ම ඉවත් වූ බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණා.

ශ්‍රී ලංකාව මේ වන විට ලකුණු සටහන අනුව ඩී කාණ්ඩයේ අවසන් ස්තානයේ පසුවනවා.