ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි T20 ක්‍රිකට් තරගය, ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 6 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වෙයි..!!

June 26, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි 20-20 ක්‍රිකට් තරගය, ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 6 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරගය පැවැත්වුණේ, හම්බන්තොට සූරිය වැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්. පන්දුවාර 15 යි පන්දු 2 කදී ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 89 ක් ලබා සිටියදී තරගයට වාර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව, තරගයේ ශ්‍රී ලංකා ඉනිම නිමා කිරීමටයි, තීරණය කෙරුණේ.

අනතුරුව, තරගය ජය ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 15 කදී ලකුණු 99 ක ඉලක්කයක් හිමි වුණා.

ඔවුන් පන්දුවාර 14 යි පන්දුවක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 99 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා.

ඒ අනුව, මේ වන විට තරගාවලියේ එක් තරගය බැගින් ජය ගෙන දෙපිළම සම තත්වයේ පසු වනවා. තීරණාත්මක තුන්වැනි 20-20 තරගය ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.