ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අතර දෙවන නිල නොලත් එක්දින තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරන්නට සත්කාරක ශ්‍රී ලංකා කන්ඩායම සමත්වුනා.

May 1, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අතර හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුනු දෙවන නිල නොලත් එක් දින තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරන්නට සත්කාරක ශ්‍රී ලංකා කන්ඩායම සමත් වුනා.

අයහපත් කාලගුණය නිසා තරගය පන්දුවාර 30 කට සීමා වුනා.

ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය පන්දු වාර 27.2 කදී සියල්ලන් දැවී ලකුණු 121යි. ක්වයිස් අහමඩ් ලකුණු 46ක් ලබා ගත්තා. මොහොමඩ් ෂිරාස්, චාමික ගුණසේකර, සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට පන්දු වාර 30 කදී ලකුණු 101ක ඉලක්කයක් හිමි වුනා. පන්දු වාර 15.2 කදී ලකුණූ 104ක් ලබා ගනිමින් ඔවුන් තරගය ජය ගත්තේ කඩුලු 8කින්. කමිල් මිෂාර නොදැවී ලකුණු 45යි.