සිව්වැනි ලෝක පැරා ගෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) උදෑසන දිවයිනට..!!

May 1, 2024 - Sudarsha Warnakulasooriya

  • Athletics
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

සිව්වැනි ලෝක පැරා ගෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම 05/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා

මෙම තරගාවලිය පැවැත්වුණේ මොරොක්කෝ රාජ්‍යයේ මරකාස් නුවරදී.

ඒ ඉකුත් 04/26 දින සිට 04/28 දින දක්වායි.

ලෝකයේ රටවල් 64 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා

එහිදී ජනනි ධනංජනා ටී.- 47 කාණ්ඩයේ මීටර් 100 ධාවන ඉසව්වෙන් සහ සමිත දුලාන් ටී 44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීම ඉසව්ව් සදහා රන් පදක්කම් දිනා ගත්තා.

ප්‍රදීප් සෝමසිරි ටී.- 46 කාණ්ඩයේ මීටර් 1,500 ධාවන ඉසව්වෙන් , අනිල් ජයලත් ටී.- 42 කාණ්ඩයේ මීටර් 100 ධාවන ඉසව්වෙන් සහ ජනනි ධනංජනා ටී.47 කාණ්ඩය යටතේ දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගත්තා.

බුද්ධික ඉන්ද්‍රපාළ ටී.- 42 කාණ්ඩය යටතේ පැවති මීටර් 100 ධාවන ඉසව්ව සදහා ද කුමුදු ප්‍රියංකා ටී.- 46 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්ව සදහා ද ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

පදක්කම් ලාභී කණ්ඩායම අද උදෑසන ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් ධනංජය අළුදෙණිය මහතා ඇතුළු පිරිසක් ද , මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.