2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) කොළඹ දී..!!

May 21, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද කොළඹ දී පැවැත්වෙනවා. මෙවර තරගාවලිය සංවිධාන කර තිබෙන්නේ, 5 වැනි වරටයි.

ක්‍රීඩක වෙන්දේසිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙකුගේ නම් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් 154 දෙනෙක් දේශීය ක්‍රීඩකයින්.

තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 5 හිමිකරුවන් විසින් ක්‍රීඩක වෙන්දේසිය සඳහා අමෙරිකානු ඩොලර් ලක්‍ෂ 5 බැගින් යෙදවීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, තරගාවලියට සහභාගී වන එක් එක් කණ්ඩායම් විසින් මේ වන විටත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තම කණ්ඩායම්වල රඳවා ගෙන ඇති බවයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජූලි මස පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි, නියමිතව තිබෙන්නේ.