2024 IPL තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොල්කටා නයිට්‍ රයිඩර්ස් කණ්ඩායම සමත්වෙයි..!!

May 22, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

IPL තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා පළමු සුදුසුකම් ලබා ගැනීමේ තරගය හයිද්‍රාබාද් හිදී අවසන් වූයේ කල්කටා නයිට්‍ රයිඩර්ස් කණ්ඩායමට අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා දෙමින්.

කාසියේ වාසිය දිනූ සන්රයිසස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පන්දු වාර 19.3 කදී සියල්ලන් දැවී ඔවුනට ලබා ගත හැකි වූයේ ලකුණු 159ක් පමණයි.

රාහුල් ත්‍රිපාති ලකුණු 55ක්, නායක කමිංස් ලකුණු 30ක් ලබා ගත්තා.

සන්රයිසස් ඉනිම සුනු විසුනු කරමින් වේගවත් පන්දු යැවීමක නිරත වුනු මිචෙල් ස්ටාක් සිය පන්දු වාර 4 නිමා කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 34ක් පමණක් ලබා දී ඔවුන්ගේ ප්‍රභල කඩුලු 3ක්ම ඩැහැ ගනිමින්.

ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දු වාර 13.4 කදී ලකුණු 164ක් ලබා ගනිමින් පහසුවෙන් සිය ජයග්‍රහණය ලබා ගත්තා. නොදැවී පන්දුවට පහර දුන් නායක ශ්‍රෙයාස් අයියර් ලකුණු 58ක්, වෙන්කටේෂ් අයියර් ලකුණු 51 ක් ලබා ගනිමින් කොල්කටා ජය තහවුරු කළා.

ඒ අනුව කඩුලු 8ක ජයක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට කොල්කටා කණ්ඩායම සමත් වුනා. තරගයේ වීරයා මිචෙල් ස්ටාක්.

කොල්කටා කණ්ඩායම IPL අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලද සිව් වන අවස්ථාව මෙයයි. මීට පෙර ඔවුන් 2012, 2014, 2021 වසර වලදී අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. 2012, 14 වසර වලදී ශූරතාවය ලබා තිබෙනවා.

ඒ අනුව වසර 10 කට පසු නයිට් රයිඩර් පිළට අයි පී එල් කිරුලේ පහස ලැබීමට හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා.