2024 T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා අවසන් සංචිතය තේරීම සඳහා පවත්වන T20 තරගාවලිය හෙට (02) සිට..!!

May 1, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා අවසන් සංචිතය තේරීම සඳහා පවත්වන 20/20 තරගාවලිය හෙට ආරම්භ වනවා.

ඊට කණ්ඩායම් 3 ක් සහභාගි වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ වනිඳු හසරංග, චරිත් අසලංක සහ ජනිත් ලියනගේ මෙම කණ්ඩායම් 3 මෙහෙයවන බවයි.

තරග 6කින් සමන්විත තරගාවලිය හෙට සිට ලබන 11 වැනිදා දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.