IPL ක්‍රිකට් තරගාවලියේ 57 වැනි තරගයෙන් කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වෙයි..!!

May 9, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 57 වැනි තරගයෙන් කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඔවුන් තරග වැදුණේ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමගයි. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් රැස් කළා. අයුෂ් බඩෝනි නොදැවි ලකුණු 55 යි. නිකොලස් පූරන් නොදැවි ලකුණු 48 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී බුවනේෂ් කුමාර් ලකුණු 12 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා.

අනතුරුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 9 යි පන්දු 4 ක් අවසානයේ කිසිවෙකු නොදැවි ලකුණු 167 ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගත්තා. ට්‍රැවිස් හේඩ් නොදැවි ලකුණු 89 ක් ලබා ගත් අතර, අභිෂේක් ශර්මා නොදැවි ලකුණු 75 යි.

මෙවර තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවයද මෙයයි.

මෙවර තරගාවලියේදී ඔවුන් බැංගලෝරයට එරෙහිව ලකුණු 287ක් ලබා ගනිමින් IPL තරගාවලියක සහ මෙවර තරගාවලියේ ඔවුන් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවටද හිමි කම් කියනවා.

සන්රයිසස් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්. මේ වන විට ලකුණු සටහන අනුව ඔවුන් තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.