සංචාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ, තෙවැනි තරගයේ ජය එංගලන්ත කණ්ඩායමට..!!

September 25, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

සංචාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ, තෙවැනි තරගයේ ජය හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගාවලිය එංගලන්තයේදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය හිමි කර ගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව, පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 304 ක් රැස් කළා. ඇලෙක් කැරී නොදැවී ලකුණු 77 ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 60 ක් රැස් කළා.

පන්දු යැවීමේදී නවසීලන්ත ක්‍රීඩක ජොෆ්රා ආචර් නියමිත පන්දුවාර 10 ඇතුළත ලකුණු 67 ට කඩුලු 2 ක් දවා ගත්තා. ලකුණු 305 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 37 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4 කට ලකුණු 254 ක් ලබා සිටියා.

පසුව වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා, තරගයේ ජය තීරණය වූයේ, ඩක්වත් ලුවිස් න්‍යාය අනුවයි.
ඒ අනුව, එංගලන්ත කණ්ඩායම, ලකුණු 46 ක් ඉදිරියෙන් සිටීම නිසා තරගයේ ජය ඔවුන් සතු වුණා.

තරගයේ වීරයා වූ හැරී බෲක් නොදැවී ලකුණු 110යි.

එංගලන්ත ජයත් සමග තරග 5කින් යුත් තරගාවලිය නැවතත් දෙපිළටම විවෘත්ත වුනා. පළමු තරග දෙකෙහිම ජය හිමි කර ගෙන සිටියේ කැංගරුවන්.