කණ්ඩායමේ නායකයා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන් | Paralympics 2024

August 25, 2024 - Sudarsha Warnakulasooriya

පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ලබන 28 වැනිදා සිට සැප්තැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු මෙවර ක්‍රීඩා උළෙලට සහභාගී වනවා.

කණ්ඩායමේ නායකයා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන්.

මෙවර ක්‍රීඩා උළෙලේදී ඔහු එෆ් 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝනය කරනවා. සමිත සහභාගී වන ඉසව්ව පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 2 වැනිදායි.

2020 පැරිලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු ලෝකඩ පදක්කමක් හිමි කරගැනීමට සමත් වුණා.

2024 ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය , 2023 ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලිය සහ 2022 ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියේදීද ඔහු පදක්කම් හිමි කර ගෙන තිබීම විශේෂත්වයක්.

https://www.facebook.com/sportyforsports/videos/1766627963868896/