Cargills Food & Beverage Ltd සමාගමට අයත් සන්නාමයක් වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ශක්තිජනක පානය RIDE, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නිල ශක්තිජනක පාන සහකරු ලෙස පත් වූ බව ජුනි 04 වන දා කොළඹ, කිංග්ස්ටර් හෝටලයේ දී පැවති උත්සවයක දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් සමඟ ඇති කරගනු ලබන මෙම හවුල්කාරීත්වය, ලංකාවේ ප්‍රමුඛතම දේශීය ශක්තිජනක පාන සන්නාමය වශයෙන් RIDE තම ස්ථානය නැවත තහවුරු කරගැනීමක් වන අතර “Real Energy” යන නව මුහුණුවරකින් යුතු සන්නාම පොරොන්දුව යථාත් RIDE හි වර්ධනයේ වැදගත් ඉදිරි පියවරක් වේ.
ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රබල නාමයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇති කීර්තිය ගෝලීය වෙළෙඳපොළට අවතීර්ණවීමේ RIDE හි අනාගත අභිලාශයන්ට පිටිවහලක් සපයයි. එබැවින් මෙය හුදු අනුග්‍රාහකත්වකට එහා ගිය ශක්තිය, දක්ෂතාට සහ හැකියාවෙහි මනා සම්මිශ්‍රණයකි.
2020 දී හඳුන්වා දුන් RIDE, පසුගිය වසර 4 තුළ සුපිරි වෙළෙඳා අංශය, සාමාන්‍ය වෙළෙඳ අංශය මෙන්ම ආහාර සේවා අංශවල විශාල ප්‍රගතියක් ලබාගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති කරගත් මෙම හවුල්කාත්වය, RIDE ශක්තිජනක පානය නව මුහුණුවරකින් යුතුව එළිදැක්වීම හා සමගාමීව සිදු වේ. නව මුහුණුවරක් යටතේ එන RIDE, ශ්‍රී ලාංකීය ජනතාවට අමතර ශක්තියක් සපයමින් ඔවුන්ගේ එදිනෙදා ජීව්තයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දී, ජීවිතයේ උපර්ම තෘප්තිය විදගැනීමට අවැසි “Real Energy” බවට පත්වීමේ තම අරමුණ වෙනුවෙන් කැප වී සිටියි.
RIDE හි වත්මන් නිෂ්පාදන පෙළට RIDE ClassIc, RIDE Redberry, සහ RIDE Sugar-Free ඇතුළත් වන අතර, නවතම හඳුන්වාදීම වන RIDE Glow Apple මෙම කාණ්ඩයට නැවුම් රසයක් එක් කරයි. මෙම නට එළිදැක්වීමට සමගාමීව, දිනෙන් දින වර්ධනය වන පාර්භෝගික රුචිකත්වයන් හඳුනාගනිමින් RIDE යොදා ගනිමින් කොක්ටේල් වර්ග අත්හදා බැලීම සඳහා පාරිභෝගිකයන් උනන්දු කරවීමට ද සන්නාමය කටයුතු කරයි.
.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින්, Cargills Food & Beverage Ltd කළමනාකාර අධ්‍යක්ෂ, අර්ජුන කුමාරසිංහ මහතා මෙසේ පැවසීය:
“ක්‍රිකට් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන තිබෙනවා. එය අපේ දෛනික ජීවිතයේ කොටසක් වගේම රථ පුරා ජනතාව එකමුතු කරන්න ක්‍රිකට්වලට පුළුවන්. RIDE අපගේ අරමුණ සරලයි. ඔවුන් කවුරු වුනත්, කොතැන සිටියත්, මොන වේලාවක වුනත් අපි ශ්‍රී ලාංකිකයන්ට ශක්තිය ලබාදෙනවා ජයග්‍රහණයට ඇති ආශාව, ඔරොත්තු දීමේ හැකියාව සහ එකමුතුකම වර්ධනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අපගේ මෙම අරමුණ මනාව පිළිබිඹු කරනවා.”
“RIDE, අපගේ නිල ශක්තිජනක පාන සහකරු ලෙස පිළිගැනීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. මෙය අප ඉතා අගය කරන හවුල්කාරිත්වයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟින් සිදුකරන මේ සහයෝගීතාවය තුළින් කාගිල්ස් හට ඔවුන්ගේ ශක්තිජනක පාන සන්නාමය අපේක්ෂිත වෙළෙඳපොළ කරා ඔසවා තැබීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා,” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී, ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.
මෙම වැඩසටහන වර්ණවත් කිරීමට එක්දින සහ T20 නායක චරිත් අසලංක, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, ක්‍රිකට් ලෝකයේ දැවන්ත චරිතයක් මෙන්ම ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූර්ය මහතා සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ඇතුළු ක්‍රිකට් හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ පුද්ගලයින් රැසක් ද සහභාගී විය.