සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට

By Pradeep Gurusinghe
Published: මැයි 19, 2026
බෙදාගන්න

 
මධ්‍යම සහ දකුණු ආසියානු කලාපීය රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, උස්බෙකිස්තානයේ තෂ්කන්ට් නුවරදී නිමාවට පත්වූ ප්‍රථම මධ්‍යම ආසියානු සහ දකුණු ආසියානු (CASA) සෙවන්ස් රග්බි තරගාවලියේ පිරිමි සහ කාන්තා දෙඅංශයේම ශූරතාවය (Double Championship) දිනාගැනීමට ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම් සමත් වූහ. තරගාවලිය ජයග්‍රණය කළ එම කණ්ඩායම් අද (19) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ.
 
මැයි මස 16 සහ 17 යන දිනවලදී උස්බෙකිස්තානයේ දී පැවැති මෙම තරගාවලිය පුරා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම් දෙකම අතිවිශිෂ්ට ක්‍රීඩා විලාශයක් සහ තරගාවලිය පුරා අපරාජිතව ක්‍රීඩා කිරීමට සමත් විය.
  
තරගාවලියේ වැඩි අවදානය දිනාගත් පිරිමි අංශයේ තීරණාත්මක අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටියට පිවිසියහ. එහිදී ආරම්භයේ සිටම තරගයේ පාලනය තමන් සතු කරගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, ලකුණු 31-10 ක් වැනි දැවැන්ත පරතරයකින් ඉන්දියාව පරාජය කරමින් CASA සෙවන්ස් ප්‍රථම පිරිමි ශූරතාව දිනාගත්තේය.
 
එමෙන්ම, කාන්තා අංශයේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රබල කසකස්තාන කණ්ඩායම හමුවේ දැක්වූයේ විශිෂ්ට දක්ෂතාවයකි. කසකස්තාන කණ්ඩායමට එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ නොතබමින් (Clean Sheet), ලකුණු 27-0 ක් ලෙස ප්‍රතිවාදීන් පරාජය කරමින් කාන්තා අංශයේ ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
 
මෙම ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් මව්බිම නියෝජනය කරමින් උපරිම දායකත්වය සැපයූ සංචිතයන් මෙසේය,
 
පිරිමි සංචිතය: ප්‍රවීණ සහ අත්දැකීම් බහුල ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් සහ ජනිදු දිල්ෂාන්ගේ උපනායකත්වයෙන් සමන්විත විය. සංචිතයේ සෙසු ක්‍රීඩකයන් ලෙස චතුර සොයිසා, ආකාශ් මධුශංක, කවිඳු පෙරේරා සහ කවිඳු ද කොස්තා ඇතුළු ක්‍රීඩකයෝ රට වෙනුවෙන් විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්වූ හ.
 
කාන්තා සංචිතය: චරණි ලියනගේ ගේ දක්ෂ නායකත්වයෙන් සහ සංජීවනී විජේතිලකගේ උපනායකත්වයෙන් පිටියට පිවිසි අතර, හේකෂානි ක්‍රිෂ්ණකුමාරි, දිලිනි කාංචනා සහ කවීෂා ඉෂානි පෙරේරා ඇතුළු ක්‍රීඩිකාවෝ තරගාවලිය පුරා කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.
 
ශ්‍රී ලංකාවට විශාල අභිමානයක් අත්කර දෙමින් දිවයිනට පැමිණි මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි.
 
ජයග්‍රාහී කණ්ඩායම් නිල වශයෙන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රග්බි සංගමයේ (SLR) සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික ලේකම් දර්ශන වරාගොඩ මහතා එක්ව සිටියහ. මීට අමතරව ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්, හිතමිතුරන් සහ ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
 
එහිදී පැමිණ සිටි අමුත්තන් සහ නිලධාරීන් විසින් රග්බි ශූරයින් වෙත මල් මාලා පළඳවමින් ජයග්‍රාහී කුසලාන සමඟින් ඔවුන්ව උණුසුම් අයුරින් පිළිගත් අතර, අසීරු අවස්ථාවක රටට ගෙන දුන් මෙම ජාත්‍යන්තර කීර්තිය වෙනුවෙන් සමස්ත ලංකාවාසීන්ගේ ගෞරවය සහ නිල සුබපැතුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පිරිනමන ලදී.

පෙර ලිපිය SRH අවසන් සිව්දෙනාගේ වටයට
Next Article රාජස්ථාන් රෝයල්ස් විශිෂ්ට හඹායාමකින් පසු කඩුලු 7කින් ජයගනී
Sponsored

You Might Also Like

All Balcks
රග්බි

නවසීලන්ත රග්බි කණ්ඩායම දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

රග්බි තරගාවලියේ අවසන් තරගයට මහ නුවර ත්‍රිත්ව විදුහල

කියවීමට මිනිත්තු 0 යි
Sri Lanka Rugby
රග්බි

අන්තර් පාසල් සමස්ත ලංකා සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය ශාන්ත පීතර විද්‍යාලයට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?