බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අයි පී එල් ඉතිහාසයේ ශ්‍රී ලංකිකයෙක් අලෙවි වූ වැඩිම මිලට මතීෂ පතිරණ අලෙවි වේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

අයි පී එල් ඉතිහාසයේ ශ්‍රී ලංකිකයෙක් අලෙවි වූ වැඩිම මිලට මතීෂ පතිරණ අලෙවි වේ

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 16, 2025
බෙදාගන්න

2026 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් 20 – 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය, මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හිදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ, මෙතෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අයි.පී.එල්. තරගාවලියකදී හිමි වූ වැඩිම මිලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීම විශේෂත්වයක්.

‍2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ මාර්තු මස 26 වැනිදා සිට මැයි 31 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන්. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය ක්‍රීඩකයින් 251 දෙනෙකුගේ සහ විදෙස් ක්‍රීඩකයින් 118 දෙනෙකුගේ නම් ඉදිරිපත්ව තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකුගේ නම් ද ඊට ඇතුළත්. ඉන් ඉහළම මූලික ලංසුව වන, ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ සහ මතීෂ පතිරණගේ නම් ඇතුළත්ව තිබුණා.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ, ඉන්දීය රුපියල් කෝටි 18 ක මුදලකට මිලදී ගනු ලැබුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්. එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 61.20 ක්. මෙය වාර්තා වන්නේ අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියකදී මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අලෙවි වූ වැඩිම මුදල ලෙසයි.

මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග, ලක්නව් සුපර් ජෑන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. ඒ, ඉන්දීය රුපියල් කෝටි 2 ක මුදලකටයි. එය දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 6.8 ක් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු, පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4 ක මිලකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. එය දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 13.6 ක්. පැතුම් නිස්සංක සහභාගි වන පළමු අයි.පී.එල්. තරගාවලිය මෙයයි.

මේ දක්වා පැවති වෙන්දේසිය තුළ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ ඔස්ට්‍රේලියානු තුන් ඉදිරිව් ක්‍රීඩක කැමරන් ග්‍රීන්. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔහු මිලදී ගෙන ඇත්තේ, ඉන්දීය රුපියල් කෝටි 25.20 කටයි. එම මුදල දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 85.70 ක්. අයි.පී.එල්. වෙන්දේසියකදී විදෙස් ක්‍රීඩකයෙකුට මෙතෙක් හිමි වූ ඉහළම වටිනාකම ලෙසයි එය වාර්තා වන්නේ.

පෙර ලිපිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඩී එස් ද සිල්වා මහතා අභ්‍රවප්‍රාප්ත වී ඇත
Next Article තුන්වන අළු බඳුන තරගය අද ආරම්භ වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 6ක පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයේ ජය පකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තයට දෙවනි 20-20 තරග‍යෙන් ලකුණු 3ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?