ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය සඳහා ඉන්දීය ජාතික ජේ ශා යළිත් නිතරගයෙන් පත්වී තිබෙනවා. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධුරයට පත්වූ දෙවැනි අවස්ථාව මෙයයි.
ඉන්දුනීසියාවේ බාලි නුවර පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධයක්ෂ මණ්ඩල සහ කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙන්නේ ජේ ශාගේ දෙවැනි වර පත්කිරීම සඳහා කිසිදු විරෝධතාවයක් ගොනු නොවූ බවයි. ගෙවීගිය කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සඳහා ජේ ශා ලබාදුන් නායකත්වය පිළිබඳව අධ්‍ය ක්ෂ මණ්ඩලය තබා ඇති විශ්වාසය හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබෙනවා.
යළි පත්වීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ජේ ශා සඳහන් කර ඇත්තේ අයි.සි.සි. අධ්යක්ෂ මණ්ඩලය තමන් කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුති වන්ත වන බවයි.
විශේෂයෙන්ම 2028 වසරේ ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙට ක්‍රිකට් ක්‍රීඩාව යළි එක්වීම, ලොව පුරා නව ප්‍රේක්ෂක පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ආකර්ශනය කර ගැනීමට සුවිශේෂි අවස්ථාවක් වනු ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ව්‍යාපෘතිය වාණිජ සංවර්ධනය සහ දිගු කාලීන තිරසර සංවර්ධනය වෙනුවෙන් ඉදිරියටත් කැපවී කටයුතු කරන බවයි ජේ ශා සඳහන් කරන ඇත්තේ.