බදාදා, ඔක්. 28, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව තරගවදින අවසන් තරගය අද
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව තරගවදින අවසන් තරගය අද

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 28, 2026
©Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සහභාගී වන අවසන් තරගය අද පකිස්තානය සමග පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංග‍ණයේදී පැවැත්වෙනවා.

සුපිරි 08 වටය යටතේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා දෙවැනි කණ්ඩායම තීරණය කිරීම සදහා මෙම තරගයේ තීරණය අතිශයින්ම තිරණාත්මකයි.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වනවා.

තරගාවලියේ මේ දක්වා පැවැති තරගවල ප්‍රතිඵලවලට අනුව දෙවන කාණ්ඩයෙන් එංගලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා අවසන්.

අද ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලයට අනුව පකිස්තානය හෝ නවසීලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලබනු ඇති.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් නවසීලන්තය සෘජුවම සුපිරි 8 වටයට සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාව පරාජය වුවහොත් පකිස්තානයට සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 64 ක අවම ලකුණු පරතරයකින් තරගය ජයග්‍රහණය කළ යුතුයි.

එසේ නොමැතිනම් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදී ලබාදෙන ඉලක්කය පන්දුවාර 13 යි පන්දුවකට අඩු පන්දු සංඛ්‍යාවකින් හඹා යා යුතුයි.

යම් හෙයකින් පකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත හොත් එම තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර මේ දක්වා විස්සයි විස්ස තරග 29 ක් පවත්වා ඇති අතර ඉන් තරග 17 ක් පකිස්තානයත්, තරග 12 ක් ශ්‍රි ලංකාවත් ජයගත්තා.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලින් හිදී දෙරට අතර පවත්වා ඇති තරග සංඛ්‍යාව 4 ක් ඉන් තරග දෙක බැගින් දෙපිලම ජයගෙන තිබෙනවා.

මේ අතර දෙරට අතර විස්සයි විස්ස ලෝක කුසලානයකදී තරගයක් පැවැත්වෙන්නේ 2012 වසරින් පසුවයි.

අද තරගයට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් ආබාදයක් හේතුවෙන් සහභාගී වන්නේ නැහැ.

ඒ වෙනුවට කමිල් මිෂාර කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පෙර ලිපිය කොදෙව් කණ්ඩායම පැරදූ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට
Next Article සනත් ජයසූරිය පුහුණුකාරීත්වයෙන් ඉවත්වෙයි?
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ස්කොට්ලන්තයේ ජෝර්ජ් මන්සි හට ICC යෙන් අවවාද

කියවීමට මිනිත්තු 1 යි
Sam konstas
ක්‍රිකට්

සෑම් කොන්ස්ටාස් තරගාවලියෙන් ඉවතට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

SLCT20 ශූරතාවය Greens කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගය අද කොළඹ දී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?