අඟහරුවාදා, නොවැ. 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ජේ ශා නැවතත් ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධුරයට නිතරගයෙන් පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලානය 9 වන වරටත් ඉන්දියාව දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ ආසියානු කුසලාන අවසන් මහා තරගයට ඉන්දියාව හා පාකිස්තානය සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තයට එරෙහි සිව්වන එක්දින තරගයෙන් ඉන්දියාවට දැවැන්ත පරාජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්තානය සමග පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව නිමාවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    වසර 73ට පසුව නවසීලන්තය පරදා වේල්ස් කණ්ඩායම රග්බි තරගයක් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3ක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්වය වෙනුවෙන් කිලෝමීටර් 3,500ක පාපැදි සවාරියක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්පුවත්

ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්වය වෙනුවෙන් කිලෝමීටර් 3,500ක පාපැදි සවාරියක්

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 16, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන ‘Maitri Setu Yatra’ ඉන්දු – ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකායේ (NCC) පාපැදි සවාරිය ඊයේ (15දා) පැවැත් විය. එහි සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී විය.

2026 නොවැම්බර් මාසයේදී ආරම්භ කර 2027 ජනවාරි මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම පාපැදි සවාරිය කොළඹ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර දක්වා කිලෝමීටර් 3,500ක දුරක් ආවරණය කරයි.

මෙම ගමන සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාපැදිකරුවන් 10 දෙනෙකු සහ ඉන්දියාව නියෝජනය කරමින් පාපැදිකරුවන් 14 දෙනෙකු ඇතුළු 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වීමට නියමිතය. ඒ අතර කාන්තා ශිෂ්‍යභට සාමාජිකාවන් 10 දෙනෙකු ද ඇතුළත් වේ.

සවාරියේදී ශ්‍රී ලංකාව තුළ කිලෝමීටර් 500ක් සහ ඉන්දියාව තුළ කිලෝමීටර් 3,000ක් ආවරණය කිරීමට සැලසුම් කර තිබේ. ඉන්දියාවේ ප්‍රාන්ත සහ මධ්‍යම පාලන ප්‍රදේශ 11ක් හරහා මෙම ගමන සිදුකෙරෙන අතර, දෙරටේ ශිෂ්‍යභට සාමාජිකයන් අතර මිත්‍රත්වය, කණ්ඩායම් හැඟීම සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.

මෙම ගමනේ අවසන් අදියර සනිටුහන් කරමින් 2027 ජනවාරි මාසයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ශිෂ්‍යභට බලකායේ (NCC) ප්‍රධාන රැලියේදී මෙම කණ්ඩායම පිළිගැනීමට නියමිතය.

මෙය හුදෙක් පාපැදි සවාරියක් පමණක් නොව, දෙරටේ තරුණ පරපුර අතර මිත්‍රත්වය, විශ්වාසය සහ සහයෝගීතාව ගොඩනැගීමේ ජාත්‍යන්තර තරුණ හුවමාරු වැඩසටහනක් ලෙස ද වැදගත් වේ.

එම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

පෙර ලිපිය ජේ ශා නැවතත් ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධුරයට නිතරගයෙන් පත්වෙයි
Next Article ලෝක ශූර රුමේෂ් තරංග හට ස්වීඩනයෙන් ගෙන්වන ලද නවතම හෙල්ල කට්ටලයක්
Sponsored

You Might Also Like

Sai Sudarshan
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කන්ඩායමට ලකුණු 58ක පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 8 වටය අද ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ලකුණු 105 ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?