බංග්ලාදේශය හා පාකිස්තානය අතර ඊයේ පැවති තුන්වන එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 11කින් ජයගනිමින් එක්දින තරගාවලියද තරග 2-1ක් ලෙස ජයගත්තා.
කෙසේ වෙතත් මෙම තරගයේ අවසාන පන්දුවාරයේ අවසාන පන්දු 2ට පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් අවශ්‍යය වී තිබුණු අතර පන්දුවට පහරදෙමින් සිටියේ ෂහීන් ෂා අෆ්‍රීඩි. පන්දු යැවූ රිෂාද් හුසේන් යැවූ පස්වන පන්දුව පා ඉන්නට එපිටින් පතිත වී පන්දු රකින්නාට ඇදී ගිය අතර පිටියේ විනිසුරු කුමාර් ධර්මසේන එය වයිඩ් පන්දුවක් ලෙස සංඥා කළා.
විනිසුරු තීරණයට අභියෝග කරමින් බංග්ලාදේශය එම පන්දුව පා ආවරණයේ වැඳුණු පන්දුවක් ලෙස සිතා දැවීයාමක් ලෙස ඩීආරෙස් අවස්ථාව ලබාගත්තා. එහිදී පෙනී ගියේ පන්දුව පිත්තේ යට කෙළවරේ වැදී ඇදීගිය බවයි. ඒ අනුව එය වයිඩ් පන්දුවක් නොවන බවට පිටියේ විනිසුරුට තීරණය කිරීමට සිදුවුණා.
මෙහිදී, DRS අවස්ථාව ලබාගත් එම පන්දුවේ පුනරූපණය තිරය මත දිස්වූ පසුව බවයි පාකිස්තාන කණ්ඩායමේ චෝදනාව වන්නේ.
කෙසේ වෙතත්, රිවීව් අවස්ථාවක් ලබාගැනීමේදී පිටියේ විනිසුරු තීරණය ලබාදුන් පසු තත්පර 15ක කාලයක් ඇතුලත එය අභියෝග කළ යුතුයි. නමුත් මෙම අවස්ථාවේදී එම කාලය ගතවීම තිරයේ දිස්වූයේ ද නැහැ.
කෙසේ වෙතත්, එම පන්දුව වයිඩ් පන්දුවක් නොවන බවට නැවතත් කුමාර් ධර්මසේන සංඥා කළ අතර අවසන් පන්දුවට ලකුණු 12ක් අවශ්‍යය වුණා.
ඒ අනුව, මෙම තරගය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් ජයගත් අතර අතර තරගාවලියද තරග 2-1ක් ලෙස ජයගත්තා.
පාකිස්තාන කණ්ඩායමේ කළමණාකාරීත්වය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරග තීරකවරයා හට පැමිණිලි කොට ඇත.
දෙරට අතර මෙම තරගාවලියේ පළමු තරගයේදීත් සල්මන් අගා ගේ දුවද්දි දැවී යාමද ඉතා උණුසුම්කාරී වූ අතර සල්මන් අගා හා මෙහෙදි හසන් අයන ක්‍රීඩකයන් දෙදෙනාම දඩ වලට ලක්වුණා.