බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 14, 2026
©`AFP/Getty Images
බෙදාගන්න

සංචාරක පාකිස්තානු කණ්ඩායම හා බංග්ලාදේශය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය ඊයේ මිර්පුර් හිදී පැවැත්වුණා. එම තරගය ලකුණු 128කින් ජයගැනීමට සමත් වුණේ පාකිස්තාන් කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය මුලින්ම පන්දුවට පහර දීම සඳහා පාකිස්තානයට ආරාධනා කළා. ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 274ක් ලබාගත්තා.

සාර්ථක ආරම්භයක් ලබාගත් පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වන මාස් සදාකට් හා ශහීබ්සාදා ෆර්හාන් පලමු කඩුල්ලට ලකුණු 103ක සබඳතාවයක් ගොඩනැගුවා.

ප්‍රවේගකාරී පිතිකරණයක නියැළුණු මාස් සදකට් පන්දු 46ට ලකුණු75ක් ලබාගැනීමට සමත් වූ අතර ෆර්හාන් ලකුණු 31ක් ලබගත්තා.

අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීගිය සල්මන් අලී අගා ලකුණු 64ක් හා මොහොමඩ් රිස්වාන් ලකුණු 44ක් ලබාගත්තා.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් රිෂාඩ් හුසේන් කඩුලු 3ක් හා මෙහෙදි හසන් මිරාස් කඩුලු 2ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 3 දැවී ගියේ ලකුණු 15ටයි. අයහපත් කාළගුණය නිසා 7වන පන්දුවාරයේදී තරගය මදකට නතර කළ අතර නැවත තරගය ආරම්භ වූයේ ඩක්වත් ලුවිස් ක්‍රමයට අනුව ලබාගත යුතු ලකුණු ඉලක්කය වෙනස් කරමිනුයි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 32දී ලකුණු 243ක් ලබාගැනීමට අවශ්‍යය වුණා.

කෙසේ වෙතත් 24 වන පන්දුවාරය වන විට බංග්ලාදේශ කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 114ට දැවී ගියා. ලිටන් දාස් ලකුණු 41ක් හා තව්හිද් හ්‍රිදෝයි ලකුණු 28ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් මාස් සදාකට් හා හාරිස් රවූෆ් කඩුලු 3 බැගින් දවාගත් අතර ශහීන්ෂා අෆ්‍රීඩි කඩුලු 2 ක් දවාගත්තා.

මෙම තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශය ජයගත් අතර දෙවන එක්දින තරගය ලකුණු 128කින් පාකිස්තනය ජයගෙන තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයට පත්කළා.

පෙර ලිපිය බිමල් විජේසිංහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති බවට පත්වෙයි
Next Article ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඇෆ්ගනිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අපරාජිතව මීලඟ වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ප්‍රවේගකාරී හඹායෑමකින් පසුව ඉන්දියාව දෙවන විස්සයි විස්ස තරගය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka vs New Zealand
ක්‍රිකට්

ආබාධයට ලක් වූ වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

LPL 2026 ආරම්භක තරගය යාපනය හා ගාල්ල කණ්ඩායම් අතර

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?