සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්

By Pradeep Gurusinghe
Published: මාර්තු 16, 2026
©AFP/Getty Images
බෙදාගන්න

බංග්ලාදේශය හා පාකිස්තානය අතර ඊයේ පැවති තුන්වන එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 11කින් ජයගනිමින් එක්දින තරගාවලියද තරග 2-1ක් ලෙස ජයගත්තා.

කෙසේ වෙතත් මෙම තරගයේ අවසාන පන්දුවාරයේ අවසාන පන්දු 2ට පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් අවශ්‍යය වී තිබුණු අතර පන්දුවට පහරදෙමින් සිටියේ ෂහීන් ෂා අෆ්‍රීඩි. පන්දු යැවූ රිෂාද් හුසේන් යැවූ පස්වන පන්දුව පා ඉන්නට එපිටින් පතිත වී පන්දු රකින්නාට ඇදී ගිය අතර පිටියේ විනිසුරු කුමාර් ධර්මසේන එය ව‍යිඩ් පන්දුවක් ලෙස සංඥා කළා.

විනිසුරු තීරණයට අභියෝග කරමින් බංග්ලාදේශය එම පන්දුව පා ආවරණයේ වැඳුණු පන්දුවක් ලෙස සිතා දැවීයාමක් ලෙස ඩීආරෙස් අවස්ථාව ලබාගත්තා. එහිදී පෙනී ගියේ පන්දුව පිත්තේ යට කෙළවරේ වැදී ඇදීගිය බවයි. ඒ අනුව එය වයිඩ් පන්දුවක් නොවන බවට පිටියේ විනිසුරුට තීරණය කිරීමට සිදුවුණා.

මෙහිදී, DRS අවස්ථාව ලබාගත් එම පන්දුවේ පුනරූපණය තිරය මත දිස්වූ පසුව බවයි පාකිස්තාන කණ්ඩායමේ චෝදනාව වන්නේ.

කෙසේ වෙතත්, රිවීව් අවස්ථාවක් ලබාගැනීමේදී පිටියේ විනිසුරු තීරණය ලබාදුන් පසු තත්පර 15ක කාලයක් ඇතුලත එය අභියෝග කළ යුතුයි. නමුත් මෙම අවස්ථාවේදී එම කාලය ගතවීම තිරයේ දිස්වූයේ ද නැහැ.

කෙසේ වෙතත්, එම පන්දුව වයිඩ් පන්දුවක් නොවන බවට නැවතත් කුමාර් ධර්මසේන සංඥා කළ අතර අවසන් පන්දුවට ලකුණු 12ක් අවශ්‍යය වුණා.

ඒ අනුව, මෙම තරගය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් ජයගත් අතර අතර තරගාවලියද තරග 2-1ක් ලෙස ජයගත්තා.

පාකිස්තාන කණ්ඩායමේ කළමණාකාරීත්වය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරග තීරකවරයා හට පැමිණිලි කොට ඇත.

දෙරට අතර මෙම තරගාවලියේ පළමු තරගයේදීත් සල්මන් අගා ගේ දුවද්දි දැවී යාමද ඉතා උණුසුම්කාරී වූ අතර සල්මන් අගා හා මෙහෙදි හසන් අයන ක්‍රීඩකයන් දෙදෙනාම දඩ වලට ලක්වුණා.

පෙර ලිපිය ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
Next Article 1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දු ඕස්ට්‍රේලියා පළමු 20-20 තරගය වැස්ස නිසා අතහරී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දින දෙකෙන් අවසන් වූ පළමු අළු බඳුන තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි
Pakistan vs Australia
ක්‍රිකට්

ඔස්ට්‍රේලියාව සමග පැවැති 02 වැනි එක්දින තරගය කඩුලු 9 කින් ජය ගැනීමට පාකිස්ථානය සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?