නවසීලන්තය හා දකුණු අප්රිකාව අතර විස්සයි විස්ස තරගාවලිය අද ආරම්භ වුණා. එම තරග්යෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්රිකාව සමත් වුණා.
ප්රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 91ට දාවාගැනීමට දකුණු අප්රිකානු පන්දු යවන්නන් සමත් වූ අතර එ සඳහා ඔවුන් වැය කළේ පන්දුවාර 14.3ක් පමණයි.
ඊට පිලිතුරු වශයෙන් දකුණු අප්රිකානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4කදී කඩුලු 3ක් දැවී ලකුණු 93ක් ලබාගෙන තරගයේ ජයග්රහණය වාර්තා කළා.
දකුණු අප්රිකාව වෙනුවෙන් න්කොබානි මුකුඑනා කඩුලු3ක් හා ජෙරාල්ඩ් කොට්ස්ෂියර්, ඔට්නෙල් බාර්ට්මාන් හා කෙෂව් මහාරාජ් කඩුලු 2 බැගින් දවාගත්තා.
හඹායෑමේදී කොනර් එස්ටර්හුසේන් නොදැවී ලකුණු 45ක් ලබාගත්තා.
දකුණු අප්රිකානු ඉනිමේ දැවී ගිය කඩුලු 3 කයිල් ජේම්සන්, සැක් ෆෝල්ක්ස් හා මිචෙල් සැට්නර් අතර බෙදී ගියා.
දෙරට තරග 5කින් සමන්විත මෙම විස්සයි විස්ස තරගාලිය තරග 1-0ක් ලෙස දකුණු අප්රිකාව පෙරමුණ ගත්තා.