බ්‍රහස්පතින්දා, ඔක්. 1, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශුබ්මාන් ගිල්ගේ දිවිත්ව ශතකය ඉන්දියාවට වාර්තාගත ජයක් ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගය ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 2 යි
    2026 CPL ශූරතාවය ඇන්ටිගුවා බාබුඩා ෆැල්කන්ස් දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රවාහන හා නවාතැන් ගැටලු ගැන සංවිධායකයින්ගෙන් සමාව
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්Uncategorized

ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රවාහන හා නවාතැන් ගැටලු ගැන සංවිධායකයින්ගෙන් සමාව

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 27, 2026
බෙදාගන්න

ජපානයේ පැවැත්වෙන 2026 Aichi-Nagoya ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් මුහුණ දුන් ප්‍රවාහන හා නවාතැන් පහසුකම් සම්බන්ධ ගැටලු පිළිබඳව සංවිධායක කමිටුව නිල වශයෙන් සමාව ඉල්ලා තිබේ.

Aichi-Nagoya 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ මහලේකම් Satoshi Murate මාධ්‍ය හමුවකදී මෙම ගැටලු පිළිගෙන ඇති අතර, ඒවා සම්බන්ධයෙන් සංවිධායක කමිටුව වගකීම භාරගන්නා බවද සඳහන් කර තිබේ.

මෙවර ක්‍රීඩා උළෙල සඳහා මුලින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් විශාල පිරිසක් අවසන් අවස්ථාවේ එක්වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බව සංවිධායකයින් පෙන්වා දෙයි.

සංවිධායකයින් මුලින් සැලසුම් කළ ප්‍රමාණයට වඩා 2,000කට ආසන්න අමතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් එක්වීමත් සමඟ සමස්ත සහභාගිත්වය 17,000ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ. එම අනපේක්ෂිත වැඩිවීම නවාතැන් සහ ප්‍රවාහන පද්ධතිවලට දැඩි පීඩනයක් ඇති කළ බව Reuters වාර්තාවේ සඳහන් වේ.

ඒ හේතුවෙන් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම් නිලධාරීන් ප්‍රවාහන ප්‍රමාදයන්, ප්‍රමාණවත් නොවන නවාතැන් පහසුකම්, කුඩා කාමර සහ ක්‍රීඩකයින්ට නොගැළපෙන ඇඳන් සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

“නවාතැන් සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ හේතු නිසා වැරදි සිදුවී තිබෙනවා. හේතුව කුමක් වුවත් එම සේවාවන් සැපයීමේ වගකීම AINAGOC සතුයි,” යනුවෙන් Satoshi Murate සඳහන් කරමින් සිදුවූ අඩුපාඩු සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.

විශේෂයෙන් දකුණු කොරියානු කණ්ඩායම ප්‍රවාහන සහ නවාතැන් ගැටලු සම්බන්ධයෙන් මීට පෙර දැඩි විවේචන එල්ල කර තිබුණි. දකුණු කොරියානු පිරිමි පැසිපන්දු කණ්ඩායමට නියමිත shuttle bus රථය නොපැමිණීම හේතුවෙන් පුහුණු සැසියක් අවලංගු කිරීමටද සිදුවූ බව Reuters මීට පෙර වාර්තා කළේය.

එමෙන්ම ඇතැම් ක්‍රීඩකයින් සඳහා ලබාදී තිබූ තාවකාලික නවාතැන් ඒකකවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ ඇඳන් උස ක්‍රීඩකයින්ට නොගැළපීම පිළිබඳවද පැමිණිලි ඉදිරිපත් වී තිබේ.

මෙවර Aichi-Nagoya ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සාම්ප්‍රදායික Athletes’ Village එකක් ඉදිකිරීම වෙනුවට හෝටල්, තාවකාලික නවාතැන් ඒකක සහ cruise ship නවාතැන් ඇතුළු විවිධ පහසුකම් භාවිත කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.

මෙම ගැටලු මධ්‍යයේ වුවද ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කටයුතු අඛණ්ඩව පැවැත්වෙන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පියවර ගන්නා බව සංවිධායකයින් ප්‍රකාශ කර ඇත.

පෙර ලිපිය මීටර 200 පිරිමි ධාවන ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක්
Next Article කඩුවෙන් සටන් කළත් මෙය බුද්ධියේ ක්‍රීඩාවක් – Fencing ක්‍රීඩාවේ නීති දැනගනිමු
Sponsored

You Might Also Like

Uncategorized

MAS Holdings ආයතනය ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන කණ්ඩායමට නිල ඇඳුම් කට්ටල පිරිනමයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

රොෂාන් රණතුංග කඩුලු පැනීමේ සිව්වන ස්ථානය ලබාගත්ත ද අවසන් තරගය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේදී ඓතිහාසික ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

රුමේෂ් තරංග නයිරෝබි හීදී රන් පදක්කමක් දිනයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?