කොළඹ පැවති සමුළුවකදී, 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ජාතික ඔලිම්පික් කමිටුව විසින් අද හෙළි කළා.
චීනයේ සන්යා වෙරළ නගරයේදී අප්‍රේල් 22 දා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය අප්‍රේල් 22 දා සහ අවසානය සනිටුහන් කිරීමේ උත්සවය 30 වනදා ත් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාමාජිකයන් 109 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 77 දෙනෙකු එම කණ්ඩායමට ඇතුලත්. ක්‍රීඩකයන් 40 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 37 දෙනෙකු තරග ඉසව් 8ට සහභාගීවීමට නියමිතයි.
එම තරග ඉසව් 8 වන්නේ: වෙව්රළ මලල ක්‍රීඩා, වෙරළ කබඩි, වෙරළ අත්පන්දු, වෙරළ වොලිබෝල්, 3*3 බාස්කට් බෝල්, විවෘත ජල පිහිනුම් තරග, වෙරළ මල්ලව පොර හා රුවල් තරගයි.