ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට රුමේශ් තරංග සමත් වුණා.
මෙවර ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව හිමි කර ගත් පළමු රන් පදක්කම මෙයයි.
ආසියානු ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසක් තරගය ආරම්භ වුණේ ජපාන වේලාවෙන් රාත්රී 8.15 ට පමණ.
ඒ ආසියාවේ ප්රභලතම හෙල්ල විසි කිරීමේ ක්රීඩකයන් 14 දෙනෙකුගේ සහභාගීත්වයෙන්.
ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්රීඩක රුමේශ් තරංග තම පළමු විසි කිරීමේදී වාර්තා කල දුර මීටර් 73.53 ක්. ඔහුගේ දෙවැනි විසි කිරීම මීටර් 83.34 ලෙස සටහන් වුණා. රුමේශ් ගේ තුන්වැනි විසි කිරීම සාර්ථක වූයේ නැහැ.
පළමු උත්සාහයන් තුනේදී ඉහළම දක්ශතාව දැක්වූ ක්රීඩකයින්ට තවත් අවස්තා තුනක් ලබා දුන්නා.
ඒ අනුව රුමේශ් 4 වැනි උත්සාහයේදී දැක්වූ දක්ශතාව මීටර් 88.33 ක්.
ඔහු අවසන් උත්සාහයේදී මීටර් 88.55 දුරක් වාර්තා කළ අතර ඔහුට රන් පදක්කම හිමි වුණේ එම දක්ෂතාවයට අනුවයි.