සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය කඩුලු 7කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ ලීඩ්ස් හීදී.
දකුණු අප්‍රිකානු ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 131ක් පමණයි.
එංගලන්ත ඉනිමට ආරම්භක පිතිකරු ජෙමී ස්මිත් ලකුණු 54කින් දායක වුණා.
පන්දු යැවීමේදී කේෂව් මහරාජ් කඩුලු 4ක් හා වියාන් මූල්ඩර් කඩුලු 3ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දුවාර 20.5දී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කයට ලඟා වුණා.
විශිෂ්ට ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු ඒඩන් මාක්‍රම් පන්දු 55ට ලකුණු 86ක් ලබාගත්තා. රයන් රිකල්ටන් ලකුණු 31යි.
දකුණු අප්‍රිකානු ඉනිමේ දැවී ගිය කඩුලු 3ම දවාගත්තේ අඩීල් රෂීඩ් විසිනුයි.
මේ ජයත් සමග සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින තරගාවලිය 1-0ක් ලෙස ඉදිරියට පැමිණුනා.
තරග්‍යේ වීරයා කේෂව් මහරාජ්.