ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තුන්වැනි වටයේ ඩී කාණ්ඩයේ තරගයක් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැත්වුණා.
ඒ කොළඹ තුරග තරඟ පිටියේදී.
තරගයේ පළමු අර්ධය නිමාවන විට ගෝල 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට තායිලන්තයන් සමත් වුනා.
දෙවන අර්ධයේදී තායිලන්තය තවත් ගෝල තුනක් ලබාගත්තා
ඒ අනුව ගෝල 4ට 0ක පරාජයක් හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු ගිලිහී ගියා.