සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 16, 2026
©Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණ‌ා. ඒ ඔස්ට්‍රේලියාව කඩුලු 8 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දුන්නා.ඒ අනුව ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කලේ මිචෙල් මාෂ් සහ ට්‍රැවිස් හෙඩ්. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 104 ක සබධකාවක් ගොඩනැගුවා.
ට්‍රැවිස් හෙඩ් පන්දු 29 කදී ලකුණු 56 ක් රැස් කලේ 4 පහර 7 ක් සහ 6 පහර 3 ක් සමග.

කැමරන් ග්‍රීන් ලකුණු 3 කට දැවී ගියේ දෙවැනි කඩුල්ල ලෙසයි. නායක මිචෙල් මාෂ් ලකුණු 54 ක් රැස් කළා.
පන්දු 27 කදී ගොඩ නැගුණු ඔහුගේ ඉනිම‌ට 4 පහර 8 ක් සහ 6 පහර 2 ක් ඇතුළත්. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 22 ක් ලබා ගත් අතර ජොෂ් ඉංග්ලිෂ් ලකුණු 27 යි.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වුණේ නැහැ.
ඒ අනුව ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 181 ක්. ඔවුන්ගේ ඉනිමේ අවසන් කඩුලු 6 දැවී ගියේ ලකුණු 21 ක් තුළයි.

පන්දු යැවීමේදී දුශාන් හේමන්ත ලකුණු 37 කට කඩුලු 3 යි. දුශ්මන්ත චමීර කඩුලු 2 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂන, දුනිත් වෙල්ලාලගේ සහ කමිදු මෙන්ඩිස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 182 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ගොඩනැගූ සබධතාව ලකුණු 8 ක්. පළම කඩුල්ල ලෙස කුසල් ජනිත් එක් ලකුණකට දැවී ගියා.

කුසල් මෙන්ඩිස් අද වාර්තා කලේ තම 20-20 ක්‍රිකට් දිවියේ 20 වැනි අර්ධ ශතකයයි. ඔහු මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඛන්ඩව ලබා ගත් තුන්වැනි අර්ධ ශතකය මෙයයි. කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ලට ලකුණු 97 ක සබධතාවයක් ගොඩ නැගුවා. දෙවැනි කඩුල්ල ලෙස කුසල් දැවී ගියේ ලකුණු 51 කට.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක අද වාර්තා කලේ තම 20 -20 ක්‍රිකට් දිවියේ දෙවැනි අර්ධ ශතකයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 18 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 184 ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළා. පැතුම් නිස්සංක පන්දු 52 කදී නොදැවී ලකුණු 100 යි. ඔහුගේ ඉනිමට 4 පහර 10 ක් 6 පහර 5 ක් ඇතුලත්.

පෙර ලිපිය ආන්දෝලනාත්මක ඉන්දු-පාකිස්තාන තරගයේ ජය ඉන්දියාවට
Next Article සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වසර 34ට පසුව කොදෙව්වන්ට පකිස්තානයට එරෙහිව එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි දෙවන 20-20 තරගය අද දඹුල්ලේදී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?