සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2026 IPL ආරම්භක තරගයේ ජය RCB කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

2026 IPL ආරම්භක තරගයේ ජය RCB කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: මාර්තු 29, 2026
©BCCI
බෙදාගන්න

2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු තරගය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා සන් රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම අතර ඊයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එම තරගය කඩුලු 6කින් ජයගැනීමට බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ බැංගලෝර් නායක රජත් පටිදාර් මුලින්ම පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි හයිද්‍රබාද් කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 29ට පවර් ප්ලේ එක තුළදීම දැවී ගියා.

ඉන් අනතුරුව නායක ඉෂාන් කිෂන් සමග හෙන්රික් ක්ලාසන් 4වන කඩුල්ල සඳහා ලකුණු 97ක සබඳතාවයක් ගොඩනැගුවා.

මෙම සබඳතාවයෙන් පසුව හයිද්‍රබාද් කණ්ඩායමෙ කඩුලු විටින් විට බිඳී ගියත් අනිකෙත් වර්මාගේ ප්‍රවේගකාරී ඉනිම මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 9ට ලකුණු 201 දක්වා රැගෙන ගියා.

ඉෂාන් කිෂන් පන්දු 38ට ලකුණු 80යි. අනිකෙත් වර්මා පන්දු 18ට ලකුණු 43ක් හා හෙන්රික් ක්ලාසන් ලකුණු 31ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ජේකබ් ඩෆී හා රොමාරියෝ ශෙෆර්ඩ් කඩුලු 3 බැගින් දවාගත්තා. ඊට අමතරව බුවනේෂ්වර් කුමාර්, අභිනන්දන් සිං, සුයාෂ් ශර්මා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී, පන්දු 26ක් ඉතිරිව තිබියදී තරගයේ ජයග්‍රහණය ලැබීමට සමත් වුණා.

තවත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් විරාත් කෝලි නොදැවී පන්දු 38ට ලකුණු 69ක් ලබාගත්තා. දෙව්දත් පඩිකල් පන්දු 26ට ලකුණු 61යි. රජත් පටිදාර් පන්දු 12ට ලකුණු 31ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී හයිද්‍රබාද් කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් පේන් කඩුලු 2ක් දවාගත් අතර ජයදේව් උනද්කට් හා හර්ෂ් ඩුබේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එෂාන් මාලිංග හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර ඔහුට ඊයේ දින සාර්ථක වීමට නොහැකි වූ අතර ඔහු යැවූ පන්දුවාර 2ට ලකුණු 35ක් ලබාගැනීමට බැංගලෝර් පිතිකරුවන් සමත් වූණා.

ගියවර ශූරතාවය දිනූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවරද තරගාවලිය විශිෂ්ට ජයග්‍රහණයකින් ආරම්භ කළා.

තරගයේ වීරයා ලෙස ජේකබ් ඩෆී නම් කළා.

පෙර ලිපිය රෝයල්-තෝමස් ක්‍රිකට් ගැටුමේ ජය රාජකීය විද්‍යාලයට
Next Article වසර 14ට පසුව මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ ආරම්භක තරගය ජයගැනීමට සමත් වුණා.
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව 2-0ක් ලෙස 20/20 තරගාවලිය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව බංග්ලාදේශය අතර තීරණාත්මක එක්දින තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන 20-20 තරගයේදී එංගලන්තය ලකුණු 300 ඉක්මවයි

කියවීමට මිනිත්තු 1 යි
Kamindu Mendis
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමෙන් විශිෂ්ට හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?