ඊයේ පැතුම් නිශ්ශංක නියෝජනය කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය එක ලකුණකින් ජයගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ගුජරාට් කණ්ඩායම සිය ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ලබාගත්තා.
නායක ශුබ්මාන් ගිල් පන්දු 45ට ලකුණු 70ක් ලබාගත් අතර ජොස් බට්ලර් පන්දු 27ට ලකුණු 52ක් ලබාගත්තා. ඊට අමතරව වොෂිංටන් සුන්දර් ලකුණු 55ක් ලබාගත්තා.
දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් මුකේෂ් කුමාර් කඩුලු 2ක් ලබාගත් අතර ලුන්ගි එන්ගිඩි හා කුල්දීප් යාදව් එක් කඩුල්ලක් බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිමේදී ආරම්භක පිතිකරුවන් වන ලොකේෂ් රාහුල් හා පැතුම් නිශ්ශංක පළමු කඩුල්ලට ලකුණු 76ක සබඳතාවයක් ගොඩනැගුවා.
පැතුම් නිශ්ශංක පන්දු 24ට ලකුණු 41ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුලත් වුණා. ලොකේෂ් රාහුල් පන්දු 52ට ලකුණු 92ක් රැස් කළා. ඊට අමතරව ඩේවිඩ් මිලර් නොදැවී පන්දු 20ට ලකුණු 41ක් ලබාගත්තා.
කෙසේ නමුත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 209ක් පමණයි.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් රෂීඩ් කාන් කඩුලු 3ක් දවා ගත් අතර ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 2ක් දවාගත්තා.
ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම එක් ලකුණකින් තරගය ජයගෙන තරගාවලියේ පළමු ජය වාර්තා කළා.