හෙල්ල විසි කිරීමේ ජාතික ශූර රුමේෂ් තරංගට රුපියල් මිලියන 10ක ත්‍යාග මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනමා තිබෙනවා.
අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී රුමේෂ් තරංගට අදාල ත්‍යාග මුදල ලබාදුන් බවයි ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.
ක්‍රිඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ඉල්ලීම මත ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ඇතුලු විදායක කමිටුවේ තීරණය මත මෙම මුදල පිරිනමා තිබෙනවා.
රුමේෂ් තරංග පසුගියදා කෙන්යාවේ පැවති මළල ක්‍රීඩා උලෙලකදී රන් පදක්කම හිමිකර ගත්තේ මීටර 89.28ක දක්ශතාවක් දක්වමින්.