ශ්‍රී ලංකා T20 තරග ඉතිහාසයේ පිතිකරුවෙකු තරගයකදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගත් පිතිකරුවා බවට අද කමිල් මිශාර පත් වුණා. ඒ මේජර් ක්ලබ්ස් T20 තරගාවලියේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 145ක් ලබාගනිමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ T20 (Major Clubs T20 tournament ) තරගාවලියේ NCC හා බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අතර තරගයේදී මිශාර විසින් මෙම වාර්තාව පිහිටවූ අතර ඔහු නියෝජනය කළ NCC කණ්ඩායම කඩුලු 1ට ලකුණු 225ක් ලබාගත්තා.
කමිල් මිශාර මෙම ලකුණු 145 ලබාගැනීම සඳහා වැය කළේ පන්දු 72ක් පමණක් වන අතර එම ඉනිමට හතරේ පහර 11ක් හා හයේ පහර 11ක් ඇතුළත් වුණා.
පසුගියදා නිමා වූ එල්පීඑල් තරගාවලියේදී ලකුණු 132ක් ලබාගත් ලහිරු උදාර මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවා.
තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව NCC කණ්ඩායමට හිමි වුණා.