ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වෙයි..!!

April 25, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත් වුණා.

ඒ තායිලන්තය පරාජය කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 122 ක් රැස් කලා.

හසිනි පෙරේරා සහ නිලක්ශිකා සිල්වා ලකුණු 29 බැගින් ලබා ගත්තා.

පිලිතුරු ලෙස තායිලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 16යි පන්දු 2 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 50 ක් පමණයි.

තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 67කින්.

පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3 ක් සහ උදේශිකා ප්‍රබෝධිනී කඩුලු 2 ක් දවා ගත්තා.