ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලෝක ටෙස්ට් ශූරතාවයේ තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගය අද අහ්මදාබාද් හීදී ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ඉන්දීය පන්දු යැවීම හමුවේ ලකුණු 162ට සීමා වුණා.
කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 32ක් ලබාගත් ජස්ටින් ග්‍රීව්ස්.
පන්දු යැවීමේදී කොදෙව් පිතිකරණ ලැයිස්තුව අසරණ කරමින් මොහොමඩ් සිරාජ් ලකුණු 40ට කඩුලු 4ක් ද, ජස්ප්‍රීත් බුම්රා ලකුණු 42ට කඩුලු 3ක් ද දවාගත් අතර කුල්දිප් යාදව් කඩුලු 2ක් හා වොෂිංටන් සුන්දර් එක් කඩුල්ලක් දවාගත්තා.
අද දිනයේම සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායන දිනය අවසාන වන විට කඩුලු 2ක් දැවී ලකුණු 121ක් ලබාසිටියා.
කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 53ක් ලබාගත්තා. දැවී ගිය ක්‍රීඩකයන් වූයේ යසස්වී ජයිස්වාල් ලකුණු 36ට හා සායි සුදර්ශන් ලකුණු 7ට යි.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කඩුලු දවාගත්තේ ජේඩ්න් සීල්ස් හා රොස්ටන් චේස්.