සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය නවසීලන්තය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය නවසීලන්තය

By Pradeep Gurusinghe
Published: ජූනි 22, 2026
©Gareth Copley/Getty Images
බෙදාගන්න

එංගලන්තය හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ත්‍යරගාවලියේ දෙවන තරගය ඊයේ අවසන් වුණා. එම තරගය ලකුණු 253කින් ජයගැනීමට සමත් වුණේ නවසීලන්ත කණ්ඩායමයි. තරගය පැවැත්වුණේ ඕවල් පිටියේදී යි.

පලමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 391ක් ලබාගත්තා. එම ඉනිමේදී ග්ලේන් ෆිලිප්ස් සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ෆිලිප්ස් පන්දු 135ට ලකුණු 100ක් ලබාගත් අතර ටොම් බන්ඩ්ල් ලකුණු 51ක් ලබාගත්තා.

නවසීලන්ත පළමු ඉනිමේ කඩුලු ලබාගැනීමේදී ජේකබ් බෙතල් කඩුලු 3ක් ලබාගත් අතර ජොෆ්‍රා ආචර්, මැතිව් ෆිෂර් හා සෝනි බේකර් කඩුලු 2 බැගින් දවාගත්තා.

එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට ලබාගත්තේ ලකුණු 291ක් පමණයි. එහිදී එමිලෝ ගේ හා මැතිව් ෆිෂර් පිළිවෙලින් ලකුණු 53ක් හා ලකුණු 50ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි ලකුණු 80ට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා.

ලකුණු 100ක් ඉදිරියෙන් සිය දෙවනි ඉනිම ආරම්භ කළ නවසීලන්තය ඉනිම අවසානයේ ලකුණු 362ක් ලබාගත්තා. එහිදී හෙන්රි නිකල්ස් ලකුණු 121ක් ලබාගත් අතර ඩැරල් මිචෙල් ලකුණු 68ක් හා රචින් රවීන්ද්‍ර ලකුණු 76ක් ලබාගත්තා. එංගලන්තය වෙනුවෙන් ආචර් හා මැතිව් ෆිෂර් කඩුලු 3 බැගින් දවාගත්තා.

ලකුණු 463ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට සිය දෙවනි ඉනිමට ලබාගත හැකිවූයේ ලකුණු 209ක් පමණයි. එංගලන්ත දෙවන ඉනිම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 77ක් හා හැරී බෲක් ලකුණු 58ක් ලබාගත් අතර පන්දු යැවීමේදී මැට් හෙන්රි කඩුලු 6ක් හා කයිල් ජේමිසන් කඩුලු 3ක් දවාගත්තා. හෙන්රි මෙම තරග්‍යේදී කඩුලු 11ක් ලබාගත් අතර එය ටෙස්ට් තරගයකදී ඔහු කඩුලු 10ක් ලබාගත් ප්‍රථම අවස්ථාව ද විය.

ඒ අනුව මෙම ටෙස්ට් තරගය ලකුණු 253කින් ජයගත් නවසීලන්තය තරගාවලිය තරග 1-1ක් ලෙස සමකිරීමට සමත් වුණා. මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවයේ තරගාවලියක් වන අතර එම ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය මේ වන විට සිව් වන ස්ථානයේ පසුවන අතර එංගලන්තය සිටින්නේ හත්වැනි ස්ථානයේ යි.

පෙර ලිපිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 5ක පරාජයක්
Next Article පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල හිමියාබවට මෙසී පත්වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීමේ සිව්වන ස්ථානයට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව පරදා එංගලන්තය 20/20 තරගාවලිය 3-0ක් ලෙස ජය ගනී.

කියවීමට මිනිත්තු 1 යි
Kusal Mendis celebrates his century
ක්‍රිකට්

කුසල් මෙන්ඩිස්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
Ibrahim Sadran
ක්‍රිකට්

ඊබ්‍රාහීම් සද්‍රාන්ගෙන් එංගලන්තයට දැඩි ප්‍රහාරයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?