එක්දින ක්‍රිකට් තරගාවලියක් සහ තුන්කොන් 20 – 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් මාසයේ දී පාකිස්තානයේ සංචාරයක නිරත වනවා.
තරගාවලිය ආරම්භවන්නේ නොවැම්බර් මස 11 වැනිදායි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ, ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින තරගාවලියට තරග 3 ක් ඇතුළත් බවයි.
නොවැම්බර් 11, 13 සහ 15 යන දිනවලදී එම තරග රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය සහභාගි වන තුන්කොන් 20 – 20 තරගාවලිය, නොවැම්බර් 19 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
එහි තරග රාවල්පිණ්ඩි සහ ලාහෝර් ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.