බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලු 5කින් ජයගැනීමට ඊයේ ඇෆ්ගනිස්තානය සමත් වුණා. තරගය පැවැත්වුණේ අබුඩාබි හීදී.
මෙම සංචාරයේම විස්සයි විස්ස තරගාවලියේ තරග සියල්ල ජයගැනීමේ ජයග්‍රාහී මානසිකත්වයෙන් එක්දින තරගාවලියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා.
කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායමට තමන් බලාපොරොත්තු වූ ලකුණු සංඛ්‍යාවකට යාමට ඇෆ්ගන් පන්දු යවන්නන් අවසර ලබාදුන්නේ නැහැ.
පන්දුවාර 48.5දී බංග්ලාදේශ කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 221ට දැවී ගියා.
බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් සාර්ථක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණේ තව්හිද් හ්‍රිදෝයි (56) හා මෙහෙදි හසන් මිරාස් (60) පමණයි. ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 101ක සබඳතාවයක් ගොඩනැගුවා.
ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රෂීඩ් කාන් හා අස්මතුල්ලා ඔමර්සායි කඩුලු 3 බැගින් දවාගත් අතර ඒ. එම් ගසන්ෆර් කඩුලු 2ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගන් පිතිකරුවන් පන්දුවාර 47.1දී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
ආරම්භක පිතිකරු රමනුල්ලා ගුර්බාස් හා හස්මතුල්ලා ෂහීඩි ලකුණු 50 බැගින් ලබාගත් අතර මීට අමතරව අස්මතුල්ලා ඔමර්සායි ලකුණු 40ක් ලබාගත්තා.
බංගලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී ටන්සිම් හසන් සාකීබ් කඩුලු 3ක් දවාගත්තා.
තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ පළමු තරගය ජයගත් ඇෆ්ගනිස්තානය තරග 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තා.
තරගයේ වීරයා වුයේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ අස්මතුල්ලා ඔමර්සායී.