ප්‍රවීණ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රිකට් තරග බිමෙන් සමු ගත් බව නිවේදනය කළා.
ඔහු පවසන්නේ වසර ගණනාවක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඉන්දියාව වෙනුවෙන් තරග කිරීමට ලැබීම තමන්ට හිමි වූ ගෞරවයක් බවයි.
නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශර්මා 20යි 20 පිටියටද සමු දුන්නා.
ටෙස්ට් තරග 67කට ක්‍රීඩා කළ රෝහිත් ශර්මා ශතක 12ක් සහ අර්ධ ශතක 18ක්ද සමගින් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 4301ක්.