2025 ආසියානු කුසලාන අවසන් මහා තරගය අද ඉන්දියාව හා පාකිස්තානය අතර ඩුබායි හීදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසාඅන අවසන් මහා තරගයකදී හමුවන්නේ වසර 41කට පසුවයි. ඔවුන් අවසන්වරට ආසියානු කුසලාන අවසාන මහා තරගයකදී හමුවූයේ 1984 දීය.
ආසියානු කුසලාන අවසන් මහා තරගයදී මෙම කණ්ඩායම් දෙක අවස්ථා දෙකකදී මුණගැසී ඇති අතර එම තරග දෙකම ජයගෙන ඇත්තේ ඉන්දියානු කණ්ඩායමයි.
මෙවර, රටවල් දෙක අතර මේ දිනවල දේශපාලන පසමිතුරු බව උත්සන්න වී ඇති අතර, එය මෙවර තරගාවලියේදී ක්‍රීඩකයන්ගෙන් පවා දක්නට ලැබුණා.
මේ හේතුව නිසා අද පැවැත්වීමට නියමිත දෙරට අතර අවසන් මහා තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති අතර මේ පිළිබඳ අවධානය ක්‍රිකට් ලෝකයට පමණක් සීමා නොවනු ඇත.
ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන තරග 15ක් ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරග 13ක් ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.
ඒ අනුව, පාකිස්තානයට මෙවර අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කිරීම විශාල අභියෝගයක් වනු ඇත.
ආසියානු කුසලාන ශූරතාවය ඉන්දියාව 8 වතාවක් ද, ශ්‍රී ලංකාව 6 වතාවක් ද, පාකිස්තානය දෙවතාවක් ද ජයග්‍රහණය කොට ඇත.
තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8ටයි.