ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 165 කින් ජයගැනීමට ඉන්දියාව අද සමත්වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී.
තරගයේ පළමු ඉනිමට ඉන්දියාව ලකුණු 462 ක් රැස්කල අතර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284 යි. ඉන්දීය කණ්ඩායම දෙවන ඉනිමට ලකුණු 193 ක් රැස්කලා. ඒ අනුව තරගයේ ජයග්‍රහනය සදහා ශ්‍රී ලංකාවට ලකුණු 372 ක ඉලක්කයක් හිමිවුනා.
අද අවසන් දිනය සඳහා තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව තම දෙවැනි ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 84 ක් ලබාසිටියා. නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේ නායක ධනංජයද සිල්වා සහ සොනාල් දිනූෂ. ධනංජය ලකුණු 59 ක් ලබාසිටියදී දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියා. තරගයේ පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කල සොනාල් දිනූෂ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවැනි අර්ධ ශතකය අද වාර්තා කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සොනාල් දිනූෂ ලකුණු 84 යි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 206 කට සීමාවුනා. පන්දු යැවීමේ මානව් සුතාර් කඩුලු 6 ක් දවාගත්තා. දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන 23 වැනිදා ආරම්භවීමට නියමිතයි.